suwadal-සුවඳැල්-rice

රු165.00රු1,420.00

කිලෝ 01, කිලෝ 05 කිලෝ 10 යන ප්‍රමාණ වලින් ඔබට මෙම සහල් අවශ්‍ය පරිදි ඇනවුම් කල හැක

Clear
SKU: N/A Category:

Description

suwadal-සුවඳැල්  සහල් වර්ගය බත පිසෙන විට ආවේනික සුවඳක් වහනය කරන්නා වූ “ඇල්” වී වර්ගයකි. අති පුජනීය වූ බුද්ධ භෝගයක් වූ මෙම සහල් බුදුරජාණන් වහන්සේගේ අපරිමිත වූ පාරමී ශක්තියට සම්බන්ධ වෙමින් පහළ වූ පාරමී පූරිත ජනයා වෙත සමන් දෙවියන්ගෙන් ලැබුණු දායාදයක් ලෙස කියැවේ. සමන් දෙවියන් තමන්ගේ පාරමී පුරා ගැනීම පිණිස බුදුන් පිදීමට සුදුසු ආකාරයට තැනුණු “මෙම ඇල් වී වර්ගය කුසල් සහිත මනුෂ්‍යයාගේ ආහාරයට උපයෝගී වේවා” යන අධිෂ්ඨානය පෙරදැරි කරගෙන දායාද කළ සහල් වර්ගයකි

suwadal සියලු රෝග නිවාරණය සඳහා ඖෂධීය ගුණයකින් යුත් මෙම සහල් වර්ගය කයෙහි හෝමෝන ක්‍රියාවලිය සමතුලිත කිරීමට උපකාරී වේ. කයෙහි ඇති ඇඩ්‍රිනලින් වර්ගවල ශ්‍රාවයන් පාලනය කිරීම සඳහා අවශ්‍යවන, සෙලියුලෝස් වල සංයුතියට බොහෝ දුරට කිට්ටු වන්නා වූ එහෙත් ඇමයිලෙස් වැනි එන්සයිම උත්පාදනය කරවන ශක්තියක් ඇති කාබෝහයිඩ්‍රේට් වර්ග වලින් සමන්විත ය. එනම් ග්ලුකෝස් අධික සංචිතයක් මෙයින් ඇති නොකරවන අතර තල, කුරහන්, මුං ඇට වැනි ධාන්‍ය වර්ග සමග කලවම් කර කැඳ හෝ තලප ආකාරයට සකසා ගැනීමෙන් මෙම සහල් වර්ගයෙන් කායික හා මානසික නිරෝගීතාවයට උපරිම දායකත්වයක් සැපයෙනු ඇත. suwadal හෝමෝන ක්‍රියාවලිය මධ්‍යස්ත ආකාරයට පවත්වාගැනීමට උපකාරී වන බැවින් හෘද ස්පන්දන වේගය අධික නොවනු ඇත. කයෙහි ඇති වන්නා වූ අධිරුධිර පිඩනයට හේතුකාරක වලක්වනු ඇත

වස විස නොයොදා පසෙහි ස්වභාවික ක්‍රියාවලිය සිදුවන ආකාරයට මෙම suwadal සහල් වගා කල විට පසෙහි ඇති අයන වර්ග විශාල වශයෙන් උරා ගැනීමේ හැකියාවක් සුවඳැල් ශාකයට ඇත. ඉතා සියුම් ආකාරයට සකස් වී ඇති තන්තුමය ව්‍යුහය සමග බද්ධ වී ඇති ඛනිජ අයන ශරීරයට උරා ගන්නා ආකාරයට ආහාරය පිළියෙළ කර ගැනීමට උදවු වන්නේ තවත් ධාන්‍ය කිහිපයක් සමග එකතු කර කැඳ  පිළියෙළ කර ගැනීමෙනි. එය වෙනත් සහල් වර්ග කිහිපයක් එකතු කිරීමෙන් වුව ද කල හැක. suwadal කයෙහි ස්නායු වල උත්තේජනය, පිළිසකර කරවීම, ඇස් කූප වලට සම්බන්ධ වන රුධිර කේශනාලිකා වල ප්‍රත්‍යස්ථතාවය  මැනවින් පාලනය කරවීම, සුවිශේෂී ආකාරයට කරවිය හැකි සහල් වර්ගයකි. එබැවින් රුධිරය හොඳින් ඇස් වලට සපයමින් විශේෂිත ආකාරයට සැකසුනු ඇස හා මොලය අතර පණිවිඩ හුවමාරුව පිණිස සම්බන්ධ වන ස්නායු වල ක්‍රියාකාරිත්වය ඉතා හොඳින් වර්ධනය කරවයි.

Additional information

Weight N/A
size

1kg, 5kg, 10kg

Reviews

There are no reviews yet.

Be the first to review “suwadal-සුවඳැල්-rice”

Your email address will not be published. Required fields are marked *