madathawalu-මඩතවාලු-rice

රු165.00රු1,420.00

Clear
SKU: N/A Category:

Description

madathawalu මඩතවාලු ශරීරයේ විෂ අයින් කරවයි. දියවැඩියා රෝග සමනය කරයි. පිළිකාකාරක ශරීරයෙන් ඉවත් කරයි. ජාන විකෘතිතා ඇති වීම වලක්වයි. ස්වභාවික ප්‍රතිශක්තිය වැඩිකරවා ශරීරයේ ප්‍රජනක හැකියාව වර්ධනය කරයි. අන්ගේ උෂ්ණත්වය අනවශ්‍ය ආකාරයට වැඩිවීම වලක්වයි.

ඉතිහාසයේ ගොවියන් විසින් මහ කන්නයට සුදුසු පස සකස් කිරීමක් කර, අස්වැන්න ලබා ගන්නා ලදී. මහ කන්නයේදී වර්ෂාපතනය අධික බැවින් වී ගසේ මූල කේශ තුලින් අයන වර්ග උරා ගැනීම සඳහා පස සකස් කරන පාංශු ජීවින් ගහනය යලට වඩා වෙනස්ය. විවිධත්වයෙන් වැඩිය. විශේෂයෙන්ම සමකය ආශ්‍රිත රටක් වූ අප රටෙහි උෂ්ණත්වයේ ස්වභාවය සියුම් ආකාරයට වෙනස් වන ඔක්තෝබර් මාසයේ පස තුල ක්‍රියාකාරී වන දිලීර හා බැක්ටීරියා වර්ග වලින් ශ්‍රාවය වන එන්සයිම හා වෙනත් ශ්‍රාවයන් වල සංයුතිය යලට වඩා වෙනස් ය. පසෙහි මඩ ස්වභාවය හා වයනය විශේෂිත ආකාරයකට සකසන බැක්ටීරියා වර්ග අධික ලෙස වර්ධනය වන බැවින් ශාකයෙහි හෝමෝන ක්‍රියාවලිය අඩු උෂ්ණත්වයකදී ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය අයන වල ගහනය පසෙහි වැඩි කරවයි. එබැවින් ආ‌‍ශ්‍රැති පීඩනයන් වෙනස් වන අතර madathawalu ශාකයේ ක්‍රියාකාරිත්වය යලට වඩා වැඩි ස්වභාවයක් ගනී. මෙහිදී බීජය තුල සංචිතය වන්නේ කාබෝහයිඩ්‍රේට් වලට වඩා ප්‍රෝටීනමය හා මේදමය ස්වභාවයන් වැඩිවන ආකාරයට ය.
කාබෝහයිඩ්‍රේට් සංචිතයද අනුපාතයෙන් විවිධ ය. එබැවින් ග්ලුකෝස් සංචිතය අනුපාතයෙන් අඩු මට්ටමක පවතී. තන්තුමය ස්වභාවය ඉහල මට්ටමක පවතින්නේ ප්‍රෝටීන හා මේදමය ස්වභාවයන්ට තැන්පත් කරවීම පහසු කරවීමටත් අවශ්‍ය කාලයේදී ප්‍රරෝහණය සඳහා සුදුසු එන්සයිම ඉතා ඉක්මනින් සපයා දීමටත් සුදුසු වන පරිද්දෙනි. එබැවින් ප්‍රෝටීන් වර්ග හා මේදයන් දිරවීමට පහසු එන්සයිම අධික මෙම  madathawalu වී වර්ගය ආහාරයට ගැනීමේදී අහාර ජීර්ණය පහසු කරවයි.

විටමින් වර්ග ඉතා අධික මෙම madathawalu සහල් වල ශරීරයේ මාංශ පේශීන් වර්ධනයට අවශ්‍ය වන අධික විටමින් හා ඛනිජ ලවන සංචිතයක් ඇත. තවද මහ කන්නයේදී අධික වර්ෂාපතනයට ඔරොත්තු දෙන රෝග නිවාරක විශේෂිත වූ බැක්ටීරියා වර්ග ආහාරයේ තැන්පත්ව ඇත. ඒවා අහාර මාර්ගයට එක් වීමෙන් ශරීරයට හිතකර බැක්ටීරියා වර්ග සමග එකතු වී අහාර මාර්ගයේ ඇති ආස්තරය ආරක්ෂා කරමින් ඉතා හොඳින් අවශෝෂණය සිදුකරවන බැව් මෙම දෙවිවරු පවසති. ශාකයට ඇතිවන විෂකාරක ද්‍රව්‍ය ජාන පද්ධතියෙන් පවා ඉවත්කිරීමට හැකි යාන්ත්‍රණයක් මෙම ශාක වල ක්‍රියාත්මක වන බැවින් අස්වැන්න ආහාරයට ගැනීමෙන් අපගේ ශරීරයට ඇතුළුවන පිලිකාකාරක ඇතුළු විෂ ද්‍රව්‍යන් බහිශ්‍රාවය කරවයි. ඉහත ගුණාංග පමණක් නොව පරිභෝජනයට සුදුසු පුර්ණ ආහාරමය ධාන්‍යයකි.

Additional information

Weight N/A
type

raw

Reviews

There are no reviews yet.

Be the first to review “madathawalu-මඩතවාලු-rice”

Your email address will not be published. Required fields are marked *