Description
kahamala-කහමාල: දියවැඩියා රෝගීන්ට ගුණදායක සහලකි. හන්දි රෝග, පිළිකා රෝග, අක්මාවේ රෝග ඇති අයට ඉතා ගුණදායක ය. මෙම සහලෙහි තන්තුමය ස්වභාවය වැඩි නිසා ආහාර ජීර්ණය හා අවශෝෂණය පහසු කරවන අතර ආහාර මාර්ගයේ ආබාධ ඇති අයට ඉතා ගුණදායක සහලකි.
kahamala සහල් ගොඩ මඩ දෙකටම වගා කල වී ප්‍රභේද වලින් විශේෂණය වුවකි. මඩෙහි වගා කල වී වර්ගයක් ව්‍යුහාත්මකව ගොඩෙහි වගා කල වී වර්ගයට වඩා වෙනස්ව වර්තමානයේ මඩෙහි වගාකිරීමට භාවිතා කරන බැව් පෙනේ. මොල්ටෝස් සාන්ද්‍රණය අධික කර ගත හැකි නමුදු ප්‍රෝටීනමය ස්වභාවය ව්‍යුහාත්මකව සංචිත වී ඇති ආකාරය විශේෂිත වුවකි. එබැවින් ආහාර මාර්ගයේදී ග්ලුකෝස් සෑදීමට උදවූ කෙරුව ද රුධිරයට අවශෝෂණය කිරීමේදී බිජයේ ඇති තන්තුමය ස්වභාවය නිසා පාලනයක් සහිතව සිදු කෙරේ. ක්ෂුද්රජීවී ගහනයක් නොමැති ආහාර මාර්ගයක වුවද ආහාර දිරවීම පහසු කරවයි. සියුම් තන්තුමය ස්වභාවය හා ප්‍රෝටීන වර්ග යම් ප්‍රමාණයකට සංචිත වී ඇති නමුදු මෙහි විශේෂත්වය වන්නේ අයන වර්ග උරා ගැනීමට ශරීරයට අවශෝෂණය කරගෙන දිගුකාලින ක්‍රියාවලියකින් ඇට මිදුළු මත තැන්පත් වීමයි. මේ සමග විවිධ එළවලු වර්ග එකතු වූ විට එම ක්‍රියාකාරිත්වය වඩාත් පලදායී වෙයි. එබැවින් මෙම ආහාර දිරවීමට ගතවන කාලය වැඩිය. පිළිකා සුවපත් කිරීම සඳහා හොඳ ආහාරයක් වන අතර ඉහල ඖෂධීය ගුණයකින් යුක්තය.
Reviews
There are no reviews yet.